වෙස් ගත් මිනිසුන්. Owen Jones
නැවත වාඩි වී නිරීක්ෂණය කළ අතර වැන් ඔහුට ඇඳුම් ඇඳීමට උදව් කලාය. මිල්ක්ෂේක් ඇඟ තුල ක්‍රියාත්මක වන විට හෙන්ග් වඩාත් ක්‍රියාකාරී විය.
“එහෙනම් එන්න, අපි ඇඳුම් ඇඳගෙන පහළට යමු.”
ගැහැනුන් දෙදෙනා, වෙව්ලන මිනිසාගේ එක් අත බැගින් අල්ලාගෙන ඔහුට නැගිටීමට උදවු කළෝය. ඔහු ඇවිද්දේ හරියට රෝද බකල් ගැසූ බයිසිකලයක් පරිදිය. ඔවුන් ඔහුව තරප්පු පෙළ අසලට ගෙන ආ විට දීප්තිමත් ආලෝකය නිසා ඔහු මඳක් හැකිලුනු අතර, අඳුරු කාමරයක දින එකහමාරක් ගත කිරීමෙන් පසුව ඕනෑම කෙනෙකුට එසේ විය හැකිය. ඩෙන් සහ ඩින් තම පියා, නැන්දාගේ සහ බිරිඳගේ සහාය ඇතිව වෙරි වූ කෙනෙකු මෙන් පඩි පෙළෙන් බසිනු බලා සිටියහ.
ඔහු එතරම් දුර්වල හා වෙනස් පෙනුමක් ඇති බව දුටු ඔවුන් භීතියට පත් විය. හෙන්ග් සිහින් මිනිසෙකු වුවද දැන් ඔහු වැහැරී, හිම මෙන් සුදුමැලිවී ඇස් වෙනුවට රතු පැහැති කොට්ටම්බා ඇට සහිත පුද්ගලයෙකු විය. ඔහු පහලට බැස, මේසය අල්ලාගෙන තදින් හුස්ම ගත්තේය.
“ඩෙන් ඔයා ගාව තවමත් අර පරණ අව් කණ්ණාඩි දෙක තියනවාද ? මම හිතන්නේ ඇස් ටිකක් සංවේදී නිසා, ඔයාගේ තාත්තාට අද ඒවා ඕනේ.”
“ඔයාට හෙන්ග්ව තනියම වැසිකිළියට ගෙනියන්න පුලුවන්ද, වැන්, නැත්නම් ඩෙන්ගේ උදවුව ඔයාට ඕනෙද?”
“නෑ, මම හිතන්නේ මට තනියම පුළුවන්.”
ඇය ඔහුව ඉවතට ගෙන ගිය අතර, හෙන්ග් ඔහුගේ නිදහස් අත භාවිතා කරමින් ඔහුගේ දෑස් ආරක්ෂා කර ගත්තේය. මිනිත්තු පහළොවකට පසු ඔවුන් නැවත ඔහුව මේසයෙහි අසුන් ගැන්වූ විට, ඔහු එම ප්‍රයත්නයෙන් වෙහෙසට පත් වූ බවක් පෙනෙන්නට තිබුණි.
“ඩින්, උඩට ඉක්මනට ගිහින් රෙද්දකුයි කොට්ට කිහිපයකුයි ගෙන්න, කරුණාකරලා, තාත්තා අලුත් වාතය සහ හිරු එළිය ලබා ගැනීමට අද මෙතැන විවේක ගන්නවා. එයා ජීවිතයේ වැඩි දවසක් ගේ ඇතුලේ ගත කරලා නැහැ, ඒ නිසා ශරීරය ඒකට පුරුදු වෙලා නැහැ. බලන්න එයාගේ තත්වය දිහා…”
හෙන්ග් එක් කථිකයෙකුගේ සිට තවත් කථිකයෙකු දෙස බලමින් සිටියද