.
ලී පරපුරේ කෙනෙක් බවට?” ඇය වැන් දෙස දෝෂාරෝපණය දනවන ක්‍ෂණික බැල්මක් යොදමින් ඇසුවාය. වැන් මෙවිට මිය ඇදෙමින් සිටින තම ස්වාමිපුරුෂයාගේ ජීවිතය බේරාගත් මහලු කාන්තාව දෙස හැකි තරම් අගෞරවයෙන් යුතුව බැලුවාය.
“ඉතින්, ඔන්න, මේවා තමයි ඔයාලගේ විකල්පයන්. අවසාන වශයෙන්, එය ඔයාලගේ තීරණයයි - ඔයාලා හතර දෙනා - ඔබ සැමට මේ ‘පිළියම’ ලබා දීමට සිදුවෙනවා, මේ තත්වයට ප්‍රතිකාරයක් නැති නිසා හෙන්ග්ට එයාගේ ඉතිරි ජීවිත කාලයම මේ විදිහට ගත කරන්න වෙයි.”
ඩා ඉන් පසුව වහල ආධාරකයකට හේත්තුවී දෑස් පියා ගත්තේ පොතක් වැසුවාක් මෙන් සාකච්ඡාව අවසන් කරමිනි. පවුලේ අය ඇය දෙස බැලූ අතර පසුව එකිනෙකා දෙස බලමින් කල්පනා කළේ ඔවුන් මෙම ප්‍රශ්නයෙන් ගැලවෙන්නේ කෙසේද යන්නයි. ඩා නැන්දා ධ්‍යානයකට සමවැදී හෝ නිදාගෙන හෝ සිටින බවක් පෙනෙන්නට තිබුණද, අනෙක් තිදෙනා ඊළඟට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව විවාද කළහ.
“හොඳයි, අපිට ඇත්තටම ප්‍රදේශවාසීන්ගෙන් ලේ ලබා ගන්න බැහැ, අපිට පුලුවන්ද? එයාලගෙන් ගොඩක් අය එයාලගේ සීතල සහල් පුඩිං එකක පොත්තක් වත් දෙන්නේ නැති එකේ, ලේ පයින්ට් එකක් දෙයිද? අපට ඔවුන්ගෙන් එය මිලදී ගන්නටද වත්කමකුත් නැහැ.”
“අපට සංචාරකයින් අල්ලලා එයාලගේ ලේ බෝතල්වලට දමා ශීතකරණයේ ගබඩා කර තබන්න පුළුවන් …” ඩෙන් පැවසීය.
“ඇත්තටම ගොඩක් සංචාරකයින් මෙහි ගෙන එන්නේ නැහැ නේද, ඩෙන්?” ඔහුගේ මව ඇගේ දිව දික් කරමින් ඇසුවාය.
“අපට විවිධ සතුන්ගේ ලේ සහ කිරි මිශ්‍රණයක් අත්හදා බලන්න පුලුවන්. අපිටත් හැම මාසෙකම ලේ පයින්ට් එකක් පරිත්‍යාග කරන්නත් පුළුවන්.” ඩින් පැවසුවාය.
“ම්ම්ම්, අවුරුද්දකදී පුද්ගලයෙකුට කොච්චර ලේ ප්‍රමාණයක් දෙන්න පුළුවන්ද කියලා මම දන්නේ නැහැ, ඒත් පයින්ට් දොළහක් කියන්නේ විශාල ප්‍රමාණයක් කියලා මට හිතෙනවා- ඇත්තටම ඒක හොඳ සිතුවිල්ලක්.”
“සමහර විට අපගේ දුරින් නෑ වෙන පවුලේ සාමාජිකයන් වරින් වර ලේ පරිත්‍යාග කරන්න ඉදිරිපත් වෙයි, ඔයාගේ තාත්තාට ගොඩක්