වෙස් ගත් මිනිසුන්. Owen Jones
හෙන්ග්, ඔයා අසනීපව සිටින නිසා, මම අද රෑට ඔයාට ළමයෙකු කපලා උයන්නම්. අපි ටික ඌරු මස් කන්නම්.”
“මට ඒක ඕනේ තුනීවට, පුළුස්සලා, නමුත් තුනපහ දාලා නෙමෙයි, වැන්. මට මස්, නියම රතු මස් ටිකක් කන්න හරිම ගිජු කමක් තියනවා.”
තම පියාට තවම තමන්ව අනුභව කිරීමට කිසිදු අදහසක් නොමැති බව දැනගැනීම දරුවන්ට මහත් සහනයක් විය.
ඔහුගේ රාත්‍රී ආහාරය එනතෙක් බලා සිටී හෙන්ග් නින්දට ගොස් ඇති බව පෙනෙන්නට තිබූ නිසා, ඩෙන් තම මවගෙන් විමසුවේ කවදා හෝ තම පියාට ඔවුන්ව අනුභව කිරීමට අවශ්‍යතාවයක් ඇතිවේද යන්නයි.
“ඔහ්, අපි එහෙම හිතන්න හොඳ නැහැ, ඩෙන්, අපි එයාගේ රුචිය තෘප්තිමත් කර ගත්තොත් ප්‍රශ්නයක් නැහැ, නමුත් රුචි මොනවටද කියලා අපි තාමත් දන්නේ නැහැ.”
“ඩා නැන්දා, හෙන්ග්ගේ තත්වය ගැන ඔයා සිතන්නේ මොකක්ද?”
“මම හිතන්නේ එය සිත් ඇදගන්නා සුළුයි… ඇත්තෙන්ම ඉතා සිත් ඇද ගන්නා සුළුයි. ඊයේ, හෙන්ග් මරණයේ දොරට තට්ටු කරමින් සිටපු බව ඔයාට පෙනෙන්න ඇති, නමුත් දැන් ඔහු පැයෙන් පැයට වඩ වඩා ක්‍රියාශීලී වෙමින් ඉන්නවා, නමුත් එයා අපි හැමෝම හොඳින් දැනගෙන සිටිය හා ආදරය කළ හෙන්ග් විදිහට පෙනෙන්නේ නැහැ.”
“මෙම අලුත් හෙන්ග් මොන වගේද කියා අපට පස්සේ දැනගන්න ලැබෙයි, එහෙම නැත්නම් මේ අලුත් ආහාර වේලට පුරුදු වෙලා නැවත ලේ වර්ධනය වුනාම සමහරවිට පරණ කෙනා මතුවෙයි.”
“ඔබේ අනුමානය මගේ තරම් හොඳ වෙන්නේ නැති වෙන්න පුළුවන්, නමුත් මේ කාරණය මට අලුත් බවත්, ඒ අනුව මම ක්‍රියා කරන බවත් මම පිලිගන්නවා. මගේ අධ්‍යාත්මික මිතුරන්ගේ යෝජනා කිහිපයක් තිබුනා, ඒත් එයාලගෙන් එක්කෙනක් කියුවා හෙන්ග්ව මරා දමන්න එතකොට එයාට අලුත් ජීවිතයක් ආරම්භ කරන්න පුළුවන් කියලා.”
“ඔයා ඒ යෝජනාව ගැන සිතන්නේ මොකක්ද, වැන්?”
“එර්.., අවංකව කීවොත්, ඒක තරමක් දරුණු පියවරක් කියලා මම හිතනවා, නැද්ද ඩා නැන්දා?”
“ඔව්, මම ඔයත් එක්ක එකඟ වෙනවා, ඒ නිසයි මම ඒක යෝජනා නොකළේ, නමුත් දේවල් සුමටව සිදුවෙන්නේ නැත්නම් ඒක අපිට තියන විකල්පයක්.”
මෙම